පසුගිය මාර්තු 28 වන දින මියන්මාරයට බලපෑ ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් සතියක ශෝක කාලයක් නම් කරන බව මියන්මාරයේ රාජ්‍ය පරිපාලන කවුන්සිලයේ සභාපති ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් අවුන් හේයින්ග් මහතා අද(31) ප්‍රකාශ කළේය.
රික්ටර් මාපක 7.9ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පාවෙන් මිය ගිය පුද්ගලයන් සිහි කරමින් සහ සිදු වූ විනාශය වෙනුවෙන් ශෝකය පළ කරමින් මාර්තු 31 සිට අප්‍රේල් 6 වන දින දක්වා මෙම ශෝක කාලය නම් කර ඇත. එම කාලය තුළ එරට ජාතික ධජය අඩකුඹු කර තැබෙන බව ද හෙතෙම පැවසීය.
එරට නිල වාර්තාවලට අනුව භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයන් 1,700 ක් පමණ මිය ගොස් ඇති අතර 3,400 ක් තුවාල ලබා තිබේ. එමෙන්ම තවත් පුද්ගලයන් 300 ක් පමණ අතුරුදන් ව ඇත.
More Stories
චීන විදේශ ඇමති හා ඇමරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක්
නූතනත්වයට උචිත ගුණාත්මක නිර්මාණ වෙනුවෙන් චීන ජනපති කලාකරුවන් දිරිමත් කරයි
දකුණු චීන මුහුදේ ඉතිහාසය සහ යථාර්ථය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක්