අලුත්ගම ,මොරගල්ල ,රන් සැතපුම වෙරළ තීරයට මියගොස් තිබූ දුර්ලභ වර්ගයේ කැස්බෑවුන් දෙදෙනකු පාවී තිබියදී හමුවූ බව මොරගල්ල සංචාරක පොලිසිය පැවසීය .
මෙලෙස මියගොස් සිට හමුවූ කැස්බෑවුන් දෙදෙනාටත් මේ වන විට මුහුදුබත් වී තිබෙන එක්ප්‍රස් පර්ල් නෞකාවේන් මුහුදු ජලයට මුසුවී තිබෙන රසායනික ද්‍රව්‍ය මෙම සත්වයන්ට බලපා ඇතැයි විශ්වාස කරන බව ප්‍රදේශවාසීන් පැවසීය .
අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ වෙරළ තීරයට ගොඩ ගසා තිබූ මෙම කැස්බෑවුන් දෙදෙනා දැඩි දුර්ගන්ධයක් හමුවෙ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් වල දැමීමට කටයුතු කළ බව පොලිසිය කියයි .
මෙලෙස මියගොස් සිටි කැස්බෑවුන් දෙදෙනා මුහුදු වෙරළට ගොඩගසා තිබුනේ කොළඹ සිට කිලෝ මීටර් 60කට ආසන්න අළුත්ගම පොලිස් බල ප්‍රදේශයට ය
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති