මින්නේරිය වනජීවී නිලධාරීන් සමග ඇතිවූ සිද්ධියට සම්බන්ධ යුද හමුදා මේජර් ජෙනරාල්වරයා හබරණ පොලීසියට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
අත්අඩංගුවට ගත් යුද හමුදා මේජර් ජෙනරාල්වරයා මේ වනවිට කැකිරාව අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
පසුගිය 23 වනදා මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරි කටයුතුවල නිරතව සිටි වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බවට වනජිවි නිලධාරින් විසින් එම යුද හමුදා මේජර් ජෙනරාල්වරයාට චෝදනා කර තිබුණි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් මෙන්ම මේජර් ජෙනරාල්වරයා විසින් ද හබරණ පොලීසියට පැමිණිලි කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති