නාඳුනන තුවක්කුකරුවෙක් විසින් අද(22) සවස මිදිගමදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.
මිදිගම මංසන්ධිය ආසන්නයේ පිහිටි හෝටලයක් ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුලත් කර තිබේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.සැකකරුවන් විසින් අදාළ යතුරුපැදිය මිදිගම දුම්රිය ස්ථානය ආසන්නයේ දමා පළාගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
More Stories
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට නව පනතක්
කොටහේනේ දැරියගේ සිද්ධියට අදාළව අධිකරණයෙන් නියෝගයක්
උද්ධමනය ඉහළට