පිටකොටුව මැනිං පොදු වෙළඳපොල දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බව මැනිං වෙළඳ සංගමය පවසයි.

මීට සතියකට පමණ ඉහතදී වසා දැමීමට තීරණය කර තිබූ කොළඹ මැනිං පොදු වෙළෙඳපොළ හෙට 2 වැනිදා විවෘත කරන්නට යෝජිතව සිටියත් මැනිං පොදු වෙළෙඳ සංගමයේ ප්‍රධාන සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා පැවසුවේ , සෞඛ්‍ය අංශ උපදෙස් අනුව මෙම පියවර ගෙන ඇති බවයි.

පවතින කොරෝනා ආසාදන තත්වය නිසා මීට දින 5 කට පෙර පිටකොටුව මැනිං වෙළදපොල සම්පූර්ණයෙන්ම විෂබීජහරණයටද ලක් කෙරුණා. ලංකා ඛනිජතෙල් සංස්ථාව කොළඹ නගර සභාව සහ පොලීසිය එක්ව මෙම කටයුතු සිදු කරන ලද මුත් මැනිං වෙළඳ සංගමය පැවසුවේ තමන්ට තවදුරටත් අලෙවි සල් පවත්වා යාම ගැටලුවක් බවයි.

By Dheera

WP Twitter Auto Publish Powered By : XYZScripts.com