එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් රාජ්‍යයේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් 405 දෙනෙකු අද(13) අලුයම දිවයිනට පැමින තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 49 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානය ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
අනතුරුව කටාර් රාජ්‍යයේ සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 64 දෙනෙකු රැගෙන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානය ද අද (13) අලුයම 1.45 ට දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය සදහා ගොස් සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 292 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන විශේෂ ගුවන් යානය ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඇත.
PCR පරීක්ෂණවලට ලක්කිරීමෙන් අනතුරුව මෙම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති