දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.
ඒ සඳහා සියලු පක්ෂ ලේකම්වරුන් හා නියෝජිතයින් අද පෙරවරු 10.30 මැතිවරණ කොමිසම වෙත කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
එහිදි නිරෝධායන මධ්‍යස්ථානවල සහ නිරෝධායනයට ලක්කර ඇති නිවෙස්වල ඡන්ද දායකයින්ට ලබන 31 වනදා ඡන්දය ලබාදීමට අවස්ථාව ලබාදීම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසම සඳහන් කළා.
එමෙන්ම මෙහිදි ඡන්ද ගණන් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරිමට නියමිත බව සඳහන්.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්