මෙරට 10වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් හෙට(14) පැවැත්වෙන මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳව මැතිවරණ කොමිසම ඡන්ද දායකයින් වෙත දැනුම් දීමක් කර තිබේ.
ඡන්ද කාඩ්පතක් නොලැබුණ ද ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසම කියා සිටී.
ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය / පූජක හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිසම නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත, මැතිවරණ කොමිසම අනෙකුත් පුද්ගලයින්ට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත යනාදිය අතරින් එක් ලියැවිල්ලක් ඡන්දය ප්‍රකාශ කිරීමට රැගෙන යාම ප්‍රමාණවත් වේ.
මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888ක් තරගවදින අතර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන 17,140,354කි.
දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති