මැගසින් බන්ධනාගාර තාප්පයට ඉහළින් බන්ධනාගාරය තුළට විසි කළ පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් සොයා ගෙන තිබෙනවා.
එය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා බොරැල්ල පොලීසිය වෙත භාර දෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
මෙම පාර්සලයේ තිබී ජංගම දුරකථන දෙකක්, චාජරයක්, සිම් කාඞ්පතක්, දුරකථන බැටරි දෙකක්, අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන කුඩා පැකට් දෙකක්, ගංජා බවට සැකකෙරෙන පාර්සලයක්, දුම්කොළ 10 ක් සහ ලයිටර් දෙකක් සොයා ගෙන තිබෙනවා.
More Stories
කහවත්තේ ඝාතනය ගැන තොරතුරු රැසක් ඔස්සේ පරීක්ෂණ
අනිද්දා පැය 12ක ජල කප්පාදුවක්
“හැකි සෑම අවස්ථාවකම ඉන්ධන මිල සහනය ලබාදෙනවා”