සෞඛ්‍ය නීති පිළිපදිමින් පෙරහුරු මැතිවරණයක් අද (7 ) පෙරවරු 10 සිට දහවල් 12 දක්වා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.
ඒ මහින්ද දේශප්‍රිය මහතාගේ ගම වන අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදීයි.
ඡන්දදායකයින් 200යක් පමණ පිරිසක් මේ සදහා යොදා ගැනීමට නියමිතයි.
සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යැමේදි මතුවිය හැකි ගැටලු හදුනා ගැනීම මේ වැඩපිලිවෙලේ ප්‍රධාන අරමුණයි.
දුරස්ථභාවය පවත්වාගෙන යමින් ,මුඛ ආවරණ හා විෂබීජහරණ දියර භාවිතා කරමින් ජාතික හැදුනුම්පත් අතින් නොඅල්ලමින් යනාදි සෞඛ්‍යා රක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මේ මැතිවරණ පෙරහුරුව පැවැත්වීමට නියමිතයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති