කුඩා දරුවෙකුට අමානුෂික අන්දමින් පහර දෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වීමත් සමග දරුවාට පහර දුන් කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ,මාස 9ක් වයසැති එම කුඩා දරුවාට පහර දීම සිදු කර ඇත්තේ එම දරුවාගේ මව වන 24 හැවිරිදි කාන්තාවක් විසින් බවයි.
යාපනය පොලිස් වසමේ, අරියාලේ, නාවල්අඩි ප්‍රදේශයේ නිවසක මෙම පහරදීම සිදුවී ඇති අතර නිවස පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීන්ට එම දරුවා සොයා ගැනීමට හැකි වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් කාන්තාව කලකට පෙර කුවේට් රාජ්‍යයේ රැකියාවක ගොස් ඇති එම කාන්තාව දැනට මාසයකට පමණ පෙර දරුවා ද සමග මෙරටට පැමිණ ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති