ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ නීතිපතිවරයා පුද්ගලයන් 16කට එරෙහිව කෑගල්ල මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබේ.
ඒ මාවනැල්ල සහ අනෙකුත් ප්‍රදේශවල පිහිටි බුද්ධ ප්රතිමාවලට හානි සිදුකර ගැටුම් ඇති කිරීමට කුමන්ත්‍රණය, ආගමික ප්‍රතිරෝදය ඇති කිරීම මෙන්ම ජාතීන් අතර අසමගිය ඇතිකිරීම යන කරුණු සම්බන්ධයෙන් ය.
නවුෆර් මව්ලවි, ඊබ්‍රාහිම් මව්ලවි, මොහොමඩ් සජීඩ්, මොහොමඩ් ෂහීඩ්, සදික් අබ්දුල්ලා, සයනුල් ආබ්දීන්, මොහොමඩ් මිල්හාන් ඇතුළු 16දෙනෙකු චූදිතයන් ලෙස නම්කර ඇත.
එසේම මොවුනට එරෙහිව චෝදනා විභාගය සඳහා විශේෂ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙසද නීතිපතිවරයා අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කර තිබේ.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති