ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඕස්ට්‍රේලියානු සංචාරයේදි හිටපු සුපිරි වේග පන්දු යවන්නෙකු වු ලසිත් මාලිංගට වගකීමක් පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා වේග පන්දු උපදේශක ලෙස පත් කරමින්.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රැදී සිටින ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම සමග එහිදී එක්වීමට නියමිතයි.
කෙසේ වෙතත් ඔහු වේග පන්දු උපදේශක ලෙස පත් කර ඇත්තේ මෙම තරගාවලිය සදහා පමණක් බවයි වාර්තා වන්නේ.
පසුගිය වසරේ සැප්තැම්බර් 14 වැනිදා සියලු ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වලින් සමුගත් ලසිත් මාලිංග ලොව බිහිවු විශිෂ්ටතම වේග පන්දු යවන්නෙකු ලෙසයි සැළකෙන්නේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මාලිංග ටෙස්ට් තරග 30 කදී කඩුලු 101 ක් ද එක්දින තරග 226 කදී කඩුලු 338 ක් ද ලබාගෙන තිබෙනවා.
ඔහුටම ආවේණික වූ වේග පන්දු යැවීමේ රටාවක් අනුගමනය කළ මෙම විශිෂ්ඨයා ඉදිරියේ ලියැවුණු ලෝක වාර්තා මෙතෙක් කිසිදු රටක වේග පන්දු යවන්නෙකු බිද හෙලා නැහැ.
More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට