එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මෙහෙවර ඉදිරියට ගෙන යාමට චීනය සංවර්ධනාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති බව චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී එම සැසිවාරයට එක්ව සිටින චීන නියෝජිත කණ්ඩායමේ තොරතුරු ඉදිරිපත් කරමින් මේ බව පැවසුවාය.
චීන නියෝජිත කණ්ඩායම එහි විවිධ කාර්යයන්ට ඉදිරිපත් වෙමින් සිටින බව ද ඇය කියාසිටියාය. චීනය මානව හිමිකම් සුරක්ෂිත කිරීම තුළින් ලබා ඇති ප්‍රගතිය චීන නියෝජිත කණ්ඩායම එහිදී විග්‍රහ කර ඇත. එමෙන්ම චීනය ගෝලීය මානව හිමිකම් පාලනයට එක්වූ අවස්ථාවන් ද පැහැදිලි කෙරිණ.
2024-2026 කාලය දක්වා මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටක් බවට චීනය පත්විය. අන්තර්ජාතික මානව හිමිකම් ව්‍යාපාරය නිසි අයුරින් ඉදිරියට මෙහෙයවීමටත් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීම තහවුරු කිරීමටත් චීනය අඛණ්ඩ ව දායකත්වයක් ලබා දෙනු ඇති බව ද Mao Ning මහත්මිය සඳහන් කර තිබේ.
එම සැසිවාරය පසුගිය සැප්තැම්බර් 11වැනිදා සිට ඔක්තෝබර් 13වැනිදා දක්වා ජිනීවා හිදී පැවැත්විණ.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්