සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේ ප්රවෘත්ති කර්තෘවරයා ලෙස කටයුතු කළ සුරේෂ් පෙරේරා මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
ඔහු අභාවප්‍රාප්ත වූයේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
මාධ්‍යවේදියකු ලෙස වසර 40ක පමණ කාලයක් කටයුතු කළ සුරේෂ් පෙරේරා මහතා ඉන් වසර 30ක පමණ කාලයක් සේවය කළේ සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේය.
පාර්ලිමේන්තු හා කැබිනට් වාර්තාකරණයේ පළපුරුදු මාධ්‍යවේදියකු වූ ඒ මහතා එක් දියණියකගේ පියෙකි.
සුරේෂ් පෙරේරා මහතා සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු මාධ්‍යවේදිනී රාණි මොහොමඩ් මහත්මියගේ සොහොයුරා ද වේ.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගල්කිස්ස ආදාහනාගාරයේදී අද (18) සිදුකෙරිණි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති