මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ප්‍රධාන නගර 25 ක් දක්වා දුරගමන් සේවා සුඛෝපභෝගී බස් සේවාවක් අද සිට ආරම්භ කෙරෙනවා.
ඒ අනුව සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී බස් රථ 72 ක් පමණ යෙදවීමට සැලසුම් කර ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කලේ.
මුලතිව්, අක්කරෙයිපත්තුව, මඩකළපුව, ඇඹිලිපිටිය, මොණරාගල ආදි සමස්ත රටම ආවරණය වන පරිදි මෙම බස් රථ සේවය ක්‍රියාත්මක කෙරෙනු ඇති.
මෙම බස් රථ අධිවේගී මාර්ග සහ සාමාන්‍ය මාර්ග යන මාර්ග දෙකම භාවිත කරමින් ධාවනය කෙරෙන බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියාසිටියා.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු