මාඕ සේතුං මහතා ගේ 130 වන ජන්ම දිනය සැමරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සාකච්ඡාවක් පවත්වයි.
පසුගිය දා චීන මහජන මහ ශාලාවේදී එම සකච්ඡාව පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජීන් පිං මහතා එහිදී වැදගත් දේශනයක් සිදු කළේය.

මාඕ සේතුං මහතාගේ නායකත්වය යටතේ චීනය මාක්ස්වාදය චීනයට ගැලපෙන අයුරින් ක්‍රියාත්මක කිරීමේ ඓතිහාසික ක්‍රියාදාමය ආරම්භ කළ අතර ඉන් චීන ජාතිය වෙනුවෙන් චීන ජනතාවට අමතක කළ නොහැකි ඓතිහාසික මෙහෙවරක් ඉටු කළ බව ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. මාඕ සේතුං මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ පළමු පරම්පරාවේ කේන්ද්‍රී නායකයෙකි.චීන ලක්ෂණයන් සහිත නවීකරණය ඔස්සේ ශක්තිමත් රටක් ගොඩනැගීම , චීන ජාතියේ පුනරුත්ථාපන මෙහෙයුම පූර්ණ ලෙස ප්‍රවර්ධනය කිරීම, නව යුගයේ සමස්ත චීන කොමියුනිස්ට් පක්ෂය, සමස්ත චීනයේ ඒ ඒ ජාතීන්ට අයත් ජනතාවගේ කේන්ද්‍රීය වගකීමක් බවද හෙතෙම පැවසීය.
මාඕ සේතුං චින්තනය චීන කොමියුනිස්ට් පක්ෂයේ වටිනා චින්තන වස්තුවක් වන අතර එය දිගු කාලීනව චීන කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාවන්ට මග පෙන්වීමකි. මාඕ සේතුං මහතා සිහිපත් කිරීමේ හොඳම ක්‍රමය වන්නේ ඔහු ආරම්භ කළ ව්‍යායාම අඛණ්ඩව ඉදිරියට ගෙන යාම බවද ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.

එම සාකච්ඡාවට පෙර,ෂීන් ජිං පිං මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයෝ මාඕ සේතුං මහතාගේ අනුස්මරණ ශාලාවට පැමිණ ආචාරය පුද කළහ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්