මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා රාජ්‍ය සේවකයින්ට අද (04) දිනයේත් අවස්ථාව හිමි වේ.
රාජ්‍ය සේවකයින් සහ මැතිවරණ රාජකාරිවල නිරත සේවකයින්ට තැපැල් ඡන්ද සලකුණු කිරීමට පසුගිය 30 වනදා සහ පළමුවනදා අවස්ථාව ලබා දී තිබුණි. මෙම දිනයන් දෙකෙහි තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලුම රාජ්‍ය සේවකයින්ට අද (04) දිනයේ ඡන්දය ලබාදිය හැකි ය. එමෙන්ම මෙම දින තුනෙහිදීම ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට ඒ සඳහා 7 සහ 8 යන දිනයන් ද වෙන් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්