ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රථම මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත්කර තිබේ. දේශීය සහ ගෝලීය වශයෙන් වත්මන් සර්ව ආර්ථික ප්රවණතා සහ ඒවායේ ඉදිරි දැක්ම විශ්ලේෂණය කිරීම මත පදනම්ව උද්ධමනය සහ අනෙකුත් ප්‍රධාන සර්ව ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම පිළිබඳ ව මහ බැංකුවේ ඉදිරි දැක්ම මුදල් ප්‍රතිපත්ති වාර්තාව මඟින් ඉදිරිපත් කරනු ලැබේ.
මෙමඟින් මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති සම්පාදනයේ විනිවිදභාවය සහ වගවීම ඉහළ නංවන අතර මහජනතාවගේ උද්ධමන අපේක්ෂා ස්ථායි කිරීමට සහාය වන බව ද මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ වසරේ ජුනි මාසයේ දී අපනයන ඉපැයීම් අඛණ්ඩව දෙවන මාසය සඳහා ද ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ඇති බව මහ බැංකුව කියා සිටී.
2023 වසරේ ජුනි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් පෙර වසරට සාපේක්ෂව අඛණ්ඩ වර්ධනයක් ද පෙන්නුම් කර තිබේ.
අයවැය සහය සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ලැබීමත් සමග ජුනි මාසය අවසන් වන විට දළ නිල සංචිත මට්ටම ඇමරිකානු ඩොලර් බිලියන 3.7 දක්වා ඉහළ නංවා ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.
මහ බැංකුව සිය ප්‍රථම මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත්කරයි

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති