රුපියල “අවප්‍රමාණය” කරන ලෙස බලපත්‍රලාභී බැංකුවලින් ඉල්ලීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, බලපත්‍රලාභී බැංකුවලට වහාම බලපැවැත්වෙන පරිදි රුපියල අවප්‍රමාණය කරන ලෙස නිල වශයෙන් දැනුම් දී ඇති බවට විවිධ පණිවිඩ හුවමාරු වන ආකාරය නිරීක්ෂණය වී ඇති බවය.
කෙසේ වෙතත් එවැන්නක් සඳහා කිසිදු පදනමක් නොමැති බවත්, විනිමය අනුපාතය තීරණය කිරීමේදී මහ බැංකුව සිය ස්ථාවරයේ හෝ මෙහෙයුම් විධිවිධානයන්හි කිසිදු වෙනසක් සිදුකර නොමැති බවත් අදාළ නිවේදනයේ දැක්වේ.
මේ හේතුවෙන් අසත්‍ය හා නොමඟ යවන සුළු තොරතුරුවලට නොරැවටෙන ලෙස ජනතාවට දැනුම් දෙන ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ සිය නිවේදන අධිපතිවරයා, නියෝජ්‍ය අධිපතිවරයා හෝ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි වෙනත් ඕනෑම බලයලත් නිලධාරියෙකු ගේ නම සහ තනතුරු මඟින් හඳුනාගත හැකිවන පරිදි නිකුත් කරන බවය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති