කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරවූ මහින්ද කහඳගම මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මැයි 09 වනදා “මයිනාගෝ ගම” හා “ගෝඨාගෝ ගම” සාමකාමී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධීන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහින්ද කහඳගම මහතා සැකකරුවෙකු ලෙස නම් කළා.
ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (1) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය අධිකරණය වෙත ඒ බව දැනුම්දෙනු ලැබීමෙන් අනතුරුව.
අද ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ භාරවිය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති