හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබෙනවා.
අද ලෝකවාසී හින්දු බැතිමතුන් උපවාසයේ යෙදෙමින් හා ආගමික වතාවන් වල යෙදෙමින් මහා ශිව රාත්‍රීය සමරනවා.
මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
සමෘද්ධිය හා සශ්‍රීකත්වයේ අපේක්ෂාව මහා ශිව රාත්‍රීය හා බැදී පවතින බවයි එහි දැක්වෙන්නේ.
මහා ශිව රාත්‍රීයේ ඇතිකරගත් ආධ්‍යාත්මික ශක්තීන් සමස්ථ සමාජයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීමට ආශිර්වාදය එක් කරනු ඇති බව ජනාධිපතිවරයාගේ අපේක්ෂාවයි.
ශක්තිමත් අනාගතයක් උදෙසා ජීවත්වීමේ අභිලාෂයන් නිවැරදිව මුදුන් පමුණුවා ගැනීමට මහා ශිව රාත්‍රී දින උපවාසය ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.
ඒ මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින්.
විවිධ ජනවර්ග හා ආගම් සමග එක්ව කටයුතු කිරීමෙන් රටට යහපත් අනාගතයක් උදාකර ගත හැකි බවද එම සුබ පැතුම් පණිවිඩයේ සදහන්
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති