මහර ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාගෙන් තවත් 4දෙනෙකුගේ සිරුරු ඊයේ හඳුනාගෙන තිබෙනවා.
ඔවුන් රතුපස්වල, එඬේරමුල්ල, මිනුවන්ගොඩ සහ අඟුරුවාතොට ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් තවත් 38 දෙනෙකුගෙන් ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
ඔවුන් අතරට බන්ධනාගාර නිලධාරීන් 11 දෙනෙක්, වෛද්‍යවරුන් දෙදෙනෙක් සහ රැඳවියන් 25 දෙනෙක් ඇතුළත්.
ඒ අනුව මේ වන විට මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් 116 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්