මහරගම නගර සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රීවරියකට පහරදුන්නැයි කියන සම්බන්ධයෙන් එම නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.
පහර කෑ බව කියන මන්ත්‍රීවරිය ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඇය ගැබිණියක් බව ද වාර්තා වෙයි.
විශ්‍රාමික උප නාගරික මන්ත්‍රීවරයකු වන කරෝලිස් යන අයගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා ඉකුත් 15 වැනිදා ගොඩිගමුව සුසාන භූමිය වෙත ගිය අවස්ථාවේදී සැකකාර මන්ත්‍රීවරිය තමන් අසලට පැමිණ සංවර්ධන කටයුත්තක් සම්බන්ධයෙන් විමසා ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව පහරදී තල්ලු කර දැමූ බවත් ඇය රෝහල් පොලිසිය ලබාදුන් ප්‍රකාශයක සඳහන් වේ.
ගර්භනි තත්ත්වයෙන් පසුවන තමා ට රාත්‍රී 9 ට පමණ උදරයේ වේදනාවක් හට ගැනීම හේතුවෙන් රෝහල්ගත වූ බව ඇය සිදු කළ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති