මහනුවර, හාරගම, අනුරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව අද යළිත් කම්පන තත්ත්වයක් ඇතිව තිබේ.
භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය පැවසුවේ, අද පෙරවරු 7.06 ට එම කම්පන තත්ත්වය වාර්තා වී ඇති බවයි.
ඒ පිළිබඳ පල්ලේකැලේ මධ්‍යස්ථානයේ සටහන්ව ඇතැයි ද එම කාර්යාංශය සඳහන් කළේ ය.
භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය පැවසුවේ, අදාළ කම්පන තත්ත්වයන් පිළිබඳ හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මගින් අඛණ්ඩ විමර්ශන ක්‍රියාත්මක බවයි.
මහනුවර, හාරගම ප්‍රදේශයේ පසුගිය මස 28 වැනිදා රාත්‍රී 8.32 ට කිසියම් කම්පන තත්ත්වයක් වාර්තා වී ඇති බවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පල්ලේකැලේ මධ්‍යස්ථානයේ මීට පෙර සටහන්ව තිබුණි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති