මහනුවර නගරයේ ඇති අවදානම් හා නිතී විරෝධී ඉදිකිරීම් සියල්ල මේ වනවිට හඳුනාගෙන අවසන් කර තිබෙනවා.
ඒ, අදාල ඉදිකිරීම් පිළිබඳ සොයාබැලීමට පත්කල විශේෂඥ කමිටුව විසින්.
ඉංජිනේරුවරුන් 21 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව විසින් තමන් සිදුකරනු ලැබූ අධ්‍යයනයේ වාර්තාව ද මේ වන විටත් ලබා දී තිබෙනවා.
ඒ අනුව අදාල සියලු ඉදිකිරීම් සම්බන්ධයෙන් යළි පූර්ණ විමර්ශණයක් සිදු කිරීමටත් ඒවායේ ඇති අවදානම ඉවත් කිරීමට ගත හැකි පියවර ක්ෂණිකව අනුගමනය කිරීමටත් නියමිතයි.
ඒ අනුව පළමු පියවර ලෙස අදාල ඉදිකිරීම් හිමි පුද්ගලයින්ට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහය නොමිලේ ලබා දෙන බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ පැවසුවේ.
මහනුවර බූවැලිකඩ ප‍්‍රදේශයේ සිදුවූ 5 මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවසන් වාර්තාව සඳුදා ලැබෙන බවයි, මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ වැඩිදුරටත් පැවසුවේ කඩා වැටුණු අදාල ගොඩනැගිල්ල ඉදිකිරීමේදී හා යළි සංවර්ධනය කිරීමේදී කිසියම් වංචනික ක‍්‍රියාවක් සිදුව ඇත්දැයි පුළුල් විමර්ශණ කි‍්‍රයාත්මක බවයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති