පොලිස් නිල සුනඛ කොට්ඨාශයට අයත් සේවයෙන් ඉවත් කළ සුනඛයින් වෙන්දේසියක් මහනුවර දී අද (15)පැවැත්වුණා.
මෙහිදී නිළ සුනඛයින් 25 දෙනෙකු වෙන්දේසි වූ බවයි මහනුවර පොලිස් නිළ සුනඛ කොට්ඨාශය සඳහන් කළේ.
වයස අවුරුදු 10 ඉක්ම වූ නිල සුනඛයින් මෙලෙස වෙන්දේසි කර තිබෙනවා.
එහිදී රුපියල් ලක්ෂය ඉක්ම වූ මුදලකට වෙන්දේසි වූ බ්‍රිට් සුනඛයා අනුයුක්ත කර තිබුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයටයි.
එමෙන්ම, අද වෙන්දේසි කරන ලද නිළ සුනඛයින් අතර රෙජී, බෙට්කා, ඇල්වින්, බම්බර්, රෝසි සහ හීරෝ වනවා.
මේ අතරින් හීරෝ නම් නිළ සුනඛයා අපරාධ පරීක්ෂණ 350ක් සහ මත්ද්‍රව්‍ය වැටලීම් 600ක් සඳහා යොදාගෙන ඇති බව සඳහන්.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති