ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ජෝර්ජියා මැතිවරණ කඩාකප්පල් කිරිමේ චෝදනා එල්ල වී තිබෙනවා. ඊයේ සවස ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයට භාරවුණා ද ඔහුට අනතුරුව ඔහුට ඇප නියම කෙරුණා.
2020 වසරේ දී ජෝජියාවේ මැතිවරණ ප්‍රතිඵල ආපසු හැරවීමට උත්සහ කළ බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා 13ක් එල්ල වී තිබෙනවා. ජාවාරම් , කුමන්ත්‍රණ ඇතුලු හිටපු ජනාධිපතිවරයාට අපරාධ චෝදනා එල්ල වු හතරවන අවස්ථාව මෙයයි.
හිටපු ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් ඔහු පැමිණීමට පෙර සිරගෙදර වීදි පිවිසුම අසළට රැස්ව සිටියා. ඔහුට එරෙහි පිරිස් ද පුවරු රැගෙන සිටිනු දක්නට ලැබුණා. ඇතැමුන් සිරකරු ඇදුමෙන් හෝ ඇමෙරිකා ධජ වලින් සැරසි සිටින ආකාරයයි දක්නට ලැබුණේ.
කෙසේ වෙතත් ඔහුට අදාළ නීතිමය කටයුතු විනාඩි 20කට වඩා අඩු කාලයකින් අවසන් බවයි වාර්තා වුනේ. ඇමෙරිකා ඩොලර් ලක්ෂ දෙකක බැදුම්කරයකට සහ නඩුවේ සම විත්තිකරුවන් හා සාක්ෂිකරුවන්ට එරෙහිව සමාජ මාධ්‍ය භාවිත නොකිරීම ඇතුලු කොන්දේසිවලට යටත්ව ඔහු මුදා හැරුණා.
නැවතත් නිව්ජර්සි වෙත යාමට සිය ගුවන් යානයට ගොඩවීමට පෙර මාධ්‍යවේදීන් ඇමතූ ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ මම කිසිම වරදක් කළේ නැහැ යනුවෙනුයි.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය