බංග්ලාදේශයේ මංගල උත්සවයක් අතරතුර අකුණු සැර වැදීම හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ.

මනමාලයා ඇතුළු තවත් 14 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවද බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි.

අදාළ පිරිස බෝට්ටුවකින් ගඟක් තරණය කර මනාලියගේ නිවසට යන අතරමග හටගත් ගිගුරුම් සහිත වැසි සමග අකුණු සැර කිහිපයක් එල්ල වී තිබේ.

අකුණු සැර එල්ල වන අවස්ථාවේ එම කණ්ඩායම සමග මනාලිය රැඳි සිට නොමැති බවද වාර්තා වේ.

බංග්ලාදේශයේ අකුණු අනතුරු බහුලව වාර්තා වන අතර පසුගිය මැයි මාසයේ පමණක් අකුණු සැර වැදීම්වලින් පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

By Dheera

WP Twitter Auto Publish Powered By : XYZScripts.com