මාවනැල්ල මධ්‍යම වෙළදපොලේ එළවළු වෙළදසැල් සෑම සෙනසුරාදා දිනකම වසා තැබීමට මාවනැල්ල ප්‍රාදේශීය සභාව තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මාවනැල්ල ප්‍රාදේශීය සභාව සදහන් කළේ 2021 ජූලි මස 13වනදා එම තීරණය ගත් බවයි.
එමෙන්ම නගර සීමාවේ පවතින අනෙකුත් එළවළු වෙළදසැල් ද එම තීරණයට අනුව සෑම සෙනසුරාදා දිනකදීම වසා තැබීමට හෝ එළවළු අලෙවි කටයුතු වලින් වැලකී සිටින ලෙස මාවනැල්ල ප්‍රාදේශීය සභාව දන්වා සිටියි.
එසේ නොමැති වුවහොත් නීත්‍යානුකූලව කටයුතු කිරීමට සිදුවන බව මාවනැල්ල ප්‍රාදේශීය සභාව වැඩිදුරටත් දන්වා සිටියි.

More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු