පවතින අවදානම් තත්ත්වය සැළකිල්ලට ගනිමින් මධ්‍යම පළාතේ පාසල් විවෘත කරනවා ද නැද්ද සම්බන්ධයෙන් හෙට (27) දිනයේ දී තීරණයක් ගන්නා බව මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා පවසයි.
අද (26) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මේ වන විටත් මධ්‍යම පළාතේ පාසල් කිහිපයක සිසුන්ට සහ ගුරුවරුන්ට කොවිඩ් ආසාදන වී ඇති බවට වාර්තා වන බවය.
එම නිසා , මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට සවස රැස්වන මධ්‍යම පළාත් කොරෝනා මර්දන කමිටුවේ දී ආදාළ කරුණු පිළිබඳ සාකච්ඡා කර ඉන් අනතුරුව පාසල් පැවැත්වීම පිළිබඳ තීරණය ගන්නා බව ගාමිණි රාජරත්න මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් හෙට දිනයේ සාමාන්‍ය පරිදි මධ්‍යම පළාතේ පාසල් කටයුතු සිදු කරන බවද ඒ මහතා පැවසීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති