රජය විසින් මේ දිනවල අත්හදා බලමින් තිබෙන මංතීරු නීතිය ඉතාම හොඳ එකක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ප්‍රකාශ කර සිටිනවා.
තමන් ද මේ දිනවල තම අලුත් රියදුරාට මංතීරු නීතිය නිසි ආකාරයෙන් උගන්වමින් සිටින බවද ඔහු පවසයි.
“මේ දිනවල මට ඉන්නේ අලුත් රියදුරෙක්. ඉතින් මම රියදුරාට මංතීරු නීතිය නිසි ආකාරයෙන් උගන්වමින් ඉන්නවා. ජනතාවගේ ආරක්ෂාවටත් වාහනවල ආරක්ෂාවටත් මංතීරු නීතිය අනිවාර්යයෙන් පිළිපැදිය යුතු කරුණක්. මංතීරු නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා මාර්ග අනතුරු සිදුවීම ඉහළ යනවා. එය නිසි පාලනයකට නතු වෙන්න ඕන. ඒ නිසා එම නීති බලාත්මක කිරීමට සම්පූර්ණ සහයෝගය ආණ්ඩුවට ලබා දෙනවා. නමුත් මංතීරු පෙන්නලා රටේ සිදුවන වන විනාශය ගැනත් රජය අවධානය යොමු කිරීම වැදගත්” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා කියා සිටියා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති