හෙට (14) සිට නැවතත් මංතීරු නිතිය ක්‍රියාත්මක කරන බව පොලිස් රථවාහන මූලස්ථානය පවසනවා.
මාර්ග හතරක් ඔස්සේ මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.
ඒ අනුව ගාලු පාර, හයිලෙවල් මාර්ගය, බේස්ලයින් පාර සහ ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ මාර්ගය කේන්ද්‍ර කරගනිමින් අනිද්දා සිට මංතීරු නීතිය යළි ක්‍රියාවට නැංවෙනු ඇති.
මංතීරු නීතිය පිළිනොපදින රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු පොලිස් නිලධාරීන් වෙත දැනුම් දී ඇති බව ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති