භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මෙම වසරේ අගෝස්තු මාසය අවසන් වන විට පසුගිය වසරට සාපේක්ෂව සියයට 74ක ආදායම් වර්ධනයක් ලබාගෙන ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
එම ආයතනය ගතවූ කාලයේදී ලබා ඇති ආදායම විසින් රුපියල් කෝටි 20 කට අධික බව තමන්ට දැනුම් දී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
වැලි, කළුගල්, පස් හා බොරළු සම්බන්ධව කැණීම් හා ප්‍රවාහන බලපත් ලබා දීම, ඛනිජ සම්පත් අපනයනය සඳහා බලපත් ලබා දීම මෙන්ම විවිධ බාහිර ආයතන විසින් සිදු කරගනු ලබන භූ සමීක්ෂණ වැනි සේවාවන් මගින් මෙම ආදායම් උපයා ඇති අතර මෙම වසරේ ගත වූ කාලය තුළ වැලි, කළුගල්, පස් හා බොරළු ප්‍රවාහණය සඳහා එම ආයතනය මගින් ලබා දී ඇති බලපත් ප්‍රමාණය 7,77,000කි.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්