ටියුනීසියාව ආසන්න මුහුදු සීමාවේ බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් සංක්‍රමණිකයින් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
අනතුරට ලක් වු බෝට්ටුවේ සිටි සංක්‍රමණිකයින් අප්‍රිකානු ජාතිකයින් බව ටියුනිසියානු බලධාරීන් පවසනවා. පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදන් වී ඇති අතර 19 දෙනෙකු බේරා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මියගිය පිරිස අතර කාන්තාවන් 4 දෙනෙකු සහ කුඩා දරුවන් 4 දෙනෙකු වනවා.
පසුගිය මාස කිහිපයක සිට ටියුනිසීයාවේ සහ ලිබියවේ සංක්‍රමණිකයින් යුරෝපයට පළා යාම සඳහා ටියුනිසීයා වෙරළ භාවිත කරනවා. මෙලෙස සංක්‍රමණිකයින් පළා යාමේ දී බෝට්ටු රැසක් අනතුරට පත් ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අප්‍රිකාවේ සහ මැද පෙරදිග රටවල පවතින දරිද්‍රතාවය හා යුධ ගැටුම් හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අනතුරුදායක ලෙස මධ්‍යධරණි මුහුද තරණය කිරීමට පෙළඹි තිබෙනවා.
More Stories
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්
“232 තීරුබදු පියවර” කඩිනමින් නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
‘එක් තීරයක් එක් මාවතක්’ සංවර්ධනයෙන් ගෝලීය දකුණේ ශක්‍යතා වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ