බෙයිජිං-Xiong’an අධිවේගී මාර්ගයේ නිල වශයෙන් මෙහෙයුම් ඇරඹේ. චීන ගමනාගමන අමාත්‍යාංශය ඊයේ(28) මේ බව පැවසීය.
බෙයිජිං නගරය හා Hebei පළාතේ පිහිටි Xiong’an නව දිස්ත්‍රික්කය සම්බන්ධ කෙරෙන මෙම අධිවේගී මාර්ගයේ සමස්ත දිග කිලෝමීටර් 97කි. ධාවනයට ගතවන කාලය පැයක් පමණී.
මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ සිට ධාවන මෙහෙයුම් ක්‍රියාවට නැංවීම දක්වා ‘බුද්ධිමය මහා මාර්ග’ සංකල්පය පිළිබිඹු කෙරේ. එහි ස්ථාපිත බුද්ධිමය අධිවේගී මාර්ග අධීක්ෂණ මධ්‍යස්ථානය, 5ජී අන්තර්ජාලය ඇතුළු තාක්ෂණ හා පහසුකම් භාවිතයෙන් කාලීන හා නිවැරදි තොරතුරු සේවා සැපයීමට හැකි වීම විශේෂත්වයකි.
මෙම අධිවේගී මාර්ගය ඔස්සේ, බෙයිජිං සහ Tianjin නගර හා Hebei පළාත ඒකාබද්ධව සංවර්ධනය කරමින් ගමනාගමන සේවා සහතික කෙරෙන බව බෙයිජිං නාගරික ගමනාගමන කමිටුවේ බලධාරීහු පවසති.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ