උත්සව සමයේදිත් කොවිඩ් ප්‍රතිශකත්තිකරණ එන්නත ලබා ගැනීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.
මේ වනවිට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් එක්කෝටි හැත්තෑ ලක්ෂ දහනවදහස් පනස් හයකුත් (17 019056 ) දෙවන මාත්‍රාව පුද්ගලයන් එක්කෝටි හතළිස් හතරලක්ෂ තිස්හයදහස් හාරසිය පස්දෙනකු ත් ( 14436405)බූස්ටර් එන්නත හැත්තෑනවලක්ෂ අටදහස් නවසිය හැත්තෑදෙනකු (7,908970 ) ලබාගෙන තිබේ.
මෙතෙක් කොවිඩ් එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබාගෙන නොමැතිනම් එම එන්නත් මාත්‍රාව ලබාගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.
එසේම මේවනවිට කොවිඩ් ප්‍රතිශක්ත්තිකරණ එන්නතේ තෙවන මාත්‍රාව සියයට පනස් අටක්(58%) ලබාගෙන ඇති බවත් අප්‍රේල් මස අවසන් වනවිට එය සියයට හැට(60%) ඉක්මවා ලබාගතහොත් කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති