රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයාට මරු කැඳ වූ තුම්මුල්ල රිය අනතුරට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථය පැදවූ රියැදුරු ලබන 19 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
පසුගිය 11 වැනිදා රාත්‍රියේ සිදු වූ එම අනතුරට මුහුණ දුන් මෙම පොලිස් කොස්තාපල්වරයා ඊයේ මිය ගියා.
යතුරු පැදියෙන් ගමන් ගත් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු එදින ගැටී තිබුණේ ඩිෆෙන්ඩර් රථයකයි.
ඩිෆෙන්ඩර් රථයේ රියැදුරු එම අවස්ථාවේ බීමත්ව සිට ඇති බවත් ඔහු නීති ශිෂ්‍යයෙකු බවත් පොලිසිය සඳහන් කළා.
අනතුරින් තුවාල ලැබූ අනෙක් නිලධාරියා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම නිලධාරියාගේ පාදයකට බරපතල ලෙස තුවාල සිදුව ඇති බවයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති