බිරිය පැදවූ මෝටර් රථයට යට වී බරපතල තුවාල ලැබූ 42 හැවිරිදි සැමියකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී ඊයේ(21) මියගොස් තිබේ.
අධික ලෙස හොරොයින් පානය කිරීමට ඇබ්බැහි වී ඇති බව කියන මෙම පුද්ගලයා හෙරොයින් පානය කිරීමට නිතරම මුදල් ඉල්ලා අරවුල් ඇති කරගෙන ඇති අතර ඊයේ දිනයේදී ද එලෙසම ආරවුලක් සිදුවී තිබේ.
කහතුඩුව පොලිසියට පැමිණිලි කිරීමට බිරිය සිය කාර් රථයෙන් පැමිණ නැවත නිවසට යන විට පොල්ගස්ඕවිට වෙල කුඹුර පාරේ බෝක්කුවක් අසල සැගවී සිට ඇති සැමියා බිරියගේ කාර් රථයට පැන තිබේ. කාර් රථය නොනවත්වාම යළිත් පොලිස් ස්ථානයට පැමිණ ඇති කාන්තාව පොලිසිය වෙත සිදුවීම පවසා ඇත.
මීට පෙරද මෙම පුද්ගලයා එක් අවස්ථාවකදී මෙම කාන්තාව සමග ආරවුල් ඇති කරගෙන කාර් රථයේ බොනට්ටුව මතට නැග තිබේ. එම අවස්ථාවේදී කාන්තාව විසින් ඔහු කාර් රථය මත සිටියදීම පොලිසිය වෙත ධාවනය කර ඇත.
මාරක රිය අනතුරක් කිරීමේ චෝදනාව යටතේ සැකකාර කාන්තාව කහතුඩුව පොලියිස මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාව ලබන මස දෙවැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා නියෝග කර තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති