මෙරට සත්කාරකත්වයෙන් පස්වැනි බිම්ස්ටෙක් සමුළුව අද කොළඹ දී ආරම්භ වනවා.
බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුවේදී බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මත කර ගැනීමට සහ නීතිමය ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද යෝජිතයි.
මෙවර සමුළුව බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අමාත්‍ය මණ්ඩල රැස්වීම් ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ප්‍රධාන සමුළුව ලබන බදාදා රැස්වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
සමුළුවට සහභාගී වීම සදහා බිම්ස්ටෙක් මහලේකම් ටෙන්සින් ලෙක්පෙල් පෙරේදා පස්වරුවේ දිවයිනට පැමිණියා.
එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මහතාද ඊයේ රාත්‍රියේ දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියා.
තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාවය ඇති කිරීම බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7 කින් සමන්විත බිම්ස්ටෙක් කලාපීය හවුලේ ප්‍රධාන අරමුණයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති