බිනර පුන් පොහොය දිනය අදයි. මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500ක් වෙත පැවිද්ද හා උපසම්පදාව තිළිණ කරමින් මෙහෙණි සස්න ආරම්භ වූයේ අද වැනි පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්.
බුදුරජාණන් වහන්සේ භික්ෂුනී ශාසනය පිහිටුවීම සඳහා අනුමැතිය ලබාදුන්නේ, ආනන්ද හිමියන්ගේ ඉල්ලීම අනූවයි. භික්ෂුණින් වහන්සේ උදෙසා අෂ්ඨ ගරු ධර්ම ද අද වැනි දිනක පනවනු ලැබීය. වස් කාලයේ එළඹෙන බිනර පුන් පොහොය දිනයේදීත් වස් පිංකම් රැසක් සිදු කෙරේ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සංවිධාන කරන සද්ධර්ම වර්ෂා බිනර පොහොය සජීව විකාශය අද පැවැත්වෙන්නේ, මහනුවර,අස්ගිරි මහාපිරිවෙන් විහාරස්ථානයේ සිටයි. අටසිල්,බුද්ධ පූජා,දහම් කතිකා ඇතුළු වැඩසටහන් රැසක් දවස පුරා සජීව ලෙස විකාශය කෙරෙයි.
පින්කම් මාලාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද සහභාගී විය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති