ජයන්ත කැටගොඩ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා මේ වනවිට බැසිල් රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසම විසින් අනුමත කර තිබෙනවා. ගැසට් පත්‍රය මගින්ද රාජපක්ෂ මහතාගේ නම ප්‍රසිද්ධ කර තිබේ.
පසුගිය දිනවලදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීමට පෙර කැබිනට් ඇමතිවරයෙකු ලෙස දිවුරුමදීම සිදුවනු ඇති බවයි. ඒ අනුව මුදල් ඇමතිවරයා ලෙස අද දිවුරුම්දීමට නියමිතව තිබිණි.
කෙසේ නමුත් එම දිවුරුම්දීම හෙට (08) දිනය දක්වා කල්දමා තිබෙනවා. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා ඇමති ධුරයේ සහ මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීම හෙට දිනයේදී සිදුවනු ඇත.
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු