චීනයේ නිල දත්තවලට අනුව, මෙම වසරේ පළමු කාර්තුවේ දී චීන ආර්ථිකය 5.4% කින් වර්ධනය විය. මෙම වසරේ සිට ඇමරිකාවේ තීරුබදු ප්‍රතිපත්තිය ගෝලීය වෙළඳ පිළිවෙල කඩාකප්පල් කර තිබේ. එවැනි පසුබිමක් යටතේ, චීන ආර්ථිකය මෙවැනි වර්ධන අගයක් සාක්ෂාත් කර ගැනීම කිසිසේත්ම සුළුපටු නොවේ.
පළමු කාර්තුවේ දී චීනයේ ආර්ථික දත්ත දෙස අවධානය යොමු කිරීමේදී දැක ගත හැකි සුවිශේෂ ලක්ෂණයක් නම් එහි “ස්ථාවර” පදනමයි. එම කාල වකවානුවේ, චීනයේ නිෂ්පාදන ඉල්ලුම් දර්ශකය ක්‍රමයෙන් වඩාත් සාධනීය ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. සමස්ත කාර්මික එකතු කළ අගය පසුගිය වසරේ සමාන කාලසීමාවට වඩා 6.3%කින් වැඩි වී තිබේ. සේවා කර්මාන්තයේ එකතු කළ අගය ද 5.3%කින් ඉහළ ගොස් ඇති අතර, ස්ථාවර වත්කම් ආයෝජනයන්හි වාර්ෂික වර්ධනය 4.2%ක් ලෙස සනිටුහන් වී තිබේ. මෑත වසරවල චීන ආර්ථිකය, ආයෝජන හා අපනයන මගින් මෙහෙයවනු ලබන තත්ත්වයේ සිට, දේශීය ඉල්ලුම හා නවෝත්පාදනයන් මගින් මෙහෙයවනු ලබන තත්ත්වය දක්වා විතැන් වී ඇත.
සංකීර්ණ ගෝලීය තත්ත්වය හමුවේ, චීන ආර්ථිකයට විවිධ ප්‍රායෝගික විසඳුම් ද පවතී. පසුගිය වසරේ චීන රජය වර්ධක ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේය. මේ වසරේ සිට, එම ප්‍රතිපත්තිවලින් වඩාත් ඵලදායී ප්‍රතිඵල පෙන්නුම් කළ අතර, පැරණි පාරිභෝගික භාණ්ඩ, නව භාණ්ඩ ලෙස විතැන් කිරීමේ ප්‍රතිපත්තියෙන් වඩාත් කැපී පෙනෙන ප්‍රතිඵල අත් කර ගෙන ඇත.
වසර ගණනාවක් පුරා විවිධ පීඩනවලට මුහුණ දීමෙන් පසු, චීනය සාර්ව නියාමනය හා පාලනය පිළිබඳ අත්දැකීම් රාශියක් රැස් කර ගෙන තිබේ. ඒ ඔස්සේ සකස් කර ගත් ප්‍රායෝගික ප්‍රතිපත්ති මාලාව, බාහිර කම්පන හා අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ශක්තිමත් සහතිකයක් සපයයි.
ස්ථාවර හා බලවත් සංවර්ධනයකින් මෙන්ම ප්‍රායෝගික ප්‍රතිපත්ති මාලාවකින් යුත් චීනය, විවෘතභාවය හා සිය වෙළෙඳ මිතුරන්ගේ කවය අඛණ්ඩව පුළුල් කරමින් සිටී. එය චීන ආර්ථික ආකර්ෂණය දිනෙන් දිනම ශක්තිමත් කරමින් සිටින බව මනාව පැහැදිලි ය.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්