වව්නියාව ඕමන්ත පොලිස් බලප්‍රදේශයේ 13 හැවිරිදි දැරියක් 12 හැවිරිදි අගේ සොහොයුරා විසින් අපයෝජනයට ලක්වීම හේතුවෙන් අසාද්‍ය තත්වයෙන් වව්නියාව රෝහලට ඇතුලත් කොට ඇතැයි ඕමන්ත පොලීසිය පවසයි.
අපයෝජනයට ලක් වූ දැරියගේ උදරයේ ඇති වූ අසාද්‍ය තත්වයක් හේතුවෙන් දැරිය වව්නියාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වෛද්‍යවරුන් පරික්ෂා කිරීමේදී දැරිය අපයෝජනයට ලක්වී ඇති බවට අනවරනය වීමෙන් පසුව ඒ බව වෛද්‍ය වාර්ථාවක් මගින් ඕමන්ත පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව ඕමන්ත පොලීසිය පරික්ෂනයක් ඇරඹීය.
ඒ අනුව දැරියගේ නිවසේ සිටි 12 හැවිරිදි සොහොයුරාගේන් කිහිප අවස්ථාවකදීම දැරිය අපයෝජනය වී ඇති බවට අනාවරනය වූ කරුණු මත සොහොයරා පරිවාස භාරයේ වව්නියාවේ ළමා නිවාසයකට යෙමු කොට ඇති බවටත් දැරිය ගැබ්ගෙන ඇත්දැයි යන්න පිළිබඳව මෙතෙක් වෛද්‍ය වාර්තාවක් ලැබී නොමැති බවටද වැඩිදුර පරික්ෂණ සිදුකරන ඕමන්ත පොලීසිය වැඩිදුරටත් පැවසීය.
- lanka c news
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති