මෙවර චීනයේ කම්කරු දින නිවාඩු සමය බොහෝ විදෙස් මාධ්‍ය හඳුන්වා දී තිබුනේ“උණුසුම්” යන වචනය සමගියි. එම නිවාඩුව තුළ මිලියන 314 ක මගී වාර සංඛ්‍යාවෙන් එය මනාව සනාථ කෙරේ. එම සංඛ්‍යාව පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 6.4% ක වැඩිවීමකි.
එම නිවාඩු සමයේදී චීනයේ දේශීය සංචාරකයින් සිදු කර ඇති සමස්ත වියදම චීන යුවාන් බිලියන 180.269 ක් වූ අතර එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 8% ක වර්ධනයකි. එමෙන්ම චීනයේ ප්‍රධාන සිල්ලර හා ආහාර සැපයුම් සමාගම්වල අලෙවිය ද එම කාලයේ 6.3% කින් වැඩි වී ඇත.
එම වර්ධනීය දත්ත පිටුපස ඇති හේතු කුමක්ද? තාක්ෂණික නවෝත්පාදනය සමඟ විවිධ ප්‍රදේශවල සංස්කෘතික හා සංචාරක නිෂ්පාදනවල වැඩිදියුණු වීම පමණක් නොව, රජයේ සහායක ප්‍රතිපත්ති ද ඊට බලපා ඇත. දේශීය ඉල්ලුම පුළුල් කිරීම චීන රජය ප්‍රමුඛතාවක් ලෙසට සලකා ක්‍රියා කිරීමත් සමඟ, මෙම වසරේ පළමු කාර්තුවේදී පරිභෝජනය චීන ආර්ථික වර්ධනයට 51.7% කින් දායක වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 7.2% ක වැඩිවීමකි.
චීනයේ උණුසුම් පාරිභෝගික වෙළඳපොළ ලෝකයට ද සුබ ආරංචියකි. ඉකුත් කම්කරු දින නිවාඩුව තුළ චීන සංචාරකයින් ලොව පුරා නගර 1,837 ක සංචාරය කළ අතර, පසුගිය වසරේ අදාළ කාලයට වඩා එය නගර 400 කට වඩා වැඩි සංඛ්‍යාවකි. ඇමරිකාවේ තීරුබදු ප්‍රතිපත්තිය ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයට අස්ථාවරත්වයක් එක් කළද, චීන සංචාරකයින්ගේ පැමිණීම මැද පෙරදිගට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව ස්ථාවර මට්ටමක තබා ගැනීමට හේතු වී ඇති බව ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රධාන විධායක නිලධාරී Paul Griffiths මහතා පවසා ඇත. ඒ අතරම, චීනයේ ප්‍රශස්ත වීසා ප්‍රතිපත්ති වඩා වැඩි ජාත්‍යන්තර මිතුරන් චීනයට පැමිණීම උත්තේජනය කර ඇත.
ඇමරිකාව දියත් කළ තීරුබදු යුද්ධයේ සෙවනැල්ලට මුහුණ දෙමින් සිටියද, චීනයේ කම්කරු දින නිවාඩුවේ පරිභෝජන උණුසුමෙන් චීන ආර්ථිකයේ ශක්තිය ඉස්මතුවී ඇත. තාප්පයක් ගොඩනැගීම වෙනුවට සහයෝගී දොර පුළුල් කරමින් ලොවට පොදුව ජයග්‍රාහී අවස්ථා නිර්මාණය කිරීම චීනය අඛණ්ඩව සිදු කරමින් සිටී. එය ද මෙවර චීනයේ කම්කරු දින නිවාඩුවෙන් පැහැදිලිව ලෝකයට පෙන්නුම් කර ඇත.
More Stories
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ