බ්‍රිතාන්‍යයේ කොවිඩ් එන්නත් තෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහන ලබන මසදී ආරම්භ වන බව ගාඩියන් පුවත්පත වාර්තා කර සිටී.
එම වැඩසටහන ඔස්සේ බ්‍රිතාන්‍යයේ ජනගහණයෙන් මිලියන 32කට ඒ අනුව තෙවැනි කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාව ලබාදීමට යෝජනා වී ඇති අතර ඒ සඳහා ෆයිසර් එන්නත යොදාගැනීමට නියමිතය.
මේ අතර දින කිහිපයකට පෙර කොවිඩ් මර්දන එන්නතේ තෙවැනි මාත්‍රාවක් ලබාදීම ඊශ්‍රායලය ආරම්භ කළේය.ඔවුන්ද ඒ සඳහා ෆයිසර් එන්නත භාවිතා කරයි.
වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ව ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයෙන් බේරාගැනීමට සඳහා තමන් එවැනි පියවරක් ගත් බව ඊශ්‍රායලය පැවසීය.
මේ වන විට තුර්කිය සහ හංගේරියාවද තම ජනතාව සඳහා කොවිඩ් මර්දන එන්නතේ තෙවැනි මාත්‍රාව ආරමිභ කරනු ලැබ ඇත.
නමුත් ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා තෙවැනි මාත්‍රාව ලබා දීමට කටයුතු කරන රටවල් වලින් ඉල්ලා සිටියේ අවම වශයෙන් එන්නත් ලබා නොගත් රටවල් එන්නත්කරණය සම්පූර්ණ වන තෙක් තෙවැනි මාත්‍රා ලබා දීම කල් දමන ලෙසය.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය