බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ B-117 නම් වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයෙන් පළමු වරට ආසියානු රටකින් ආසාදිතයෙක් වාර්තා වි තිබේ. ඒ, සිංගප්‍පුරුවෙනි.
යුරෝපයේ සිට සිය රටට පැමිණීමෙන් පසු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වූ පුද්ගලයින්ගේ සිදුකළ ජානමය පරීක්ෂණයකදී මෙම වෛරස් ප්‍රභේදය සහිත පළමු ආසාදිතයා සොයා ගැනීමට හැකිවූ බව සිංගප්පුරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම ආසාදිතයා හඳුනාගෙන තිබෙන්නේ නොවැම්බර් 17 සිට දෙසැම්බර් 17 දක්වා කාලය තුළ සිංගප්පුරුවට පැමිණි කොවිඩ්-19 ආසාදිත රෝගීන් 31 දෙනෙකුට කරන ලද පරීක්ෂණයකින්ය.
නව ප්‍රභේදය සහිත රෝගියා 2020 අගෝස්තු මාසයේ සිට බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලැබූ 17 හැවිරිදී තරුණියකි.
තවත් 11 දෙනෙකුට මූලික වශයෙන් ආසාදනය වී ඇති අතර ඔවුන්ගේ වාර්තා වැඩිදුර අධ්‍යයනය සඳහා යොමුකර තිබේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ