බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් ප්‍රදේශයේදී රෝහලක් අසල සිදුකළ බෝම්බ පිපිරීමකින් මියගිය පුද්ගලයාව හඳුනාගත් බව එරට ආරක්ෂක අංශ පැවසීය.
ඉමාඩ් අල් ස්වීල්මීන් නම් එම පුද්ගලයා බෝම්බයක් රැගෙන කුලී රථයක යමින් සිටියදී එම බෝම්බය පුපුරා ගොස් තිබුණි.
ඉන් ඔහු මියගිය අතර මෝටර් රථයේ රියදුරා ට හානියක් සිදුවී නොමැති බව වාර්තා විය.
යුද විරුවන් සැමරීම සඳහා විනාඩි දෙකක් නිශ්ශබ්දතාවක් සඳහා එම කුලී රථය මාර්ගයේ නවත්වා සුළු මොහොතකින් පසු එය තුළ පිපිරීම සිදුවිය.
පසුව බ්‍රිතාන්‍ය බලධාරීන් පැවසුවේ එය ත්‍රස්ත ක්‍රියාවක් බවය.
ඉන් අනතුරුව ත්‍රස්ත පනත යටතේ ලිවර්පූල් ප්‍රදේශයේදී සිව් දෙනෙක්ව අත්අඩංගුවට ගැනුණි.
නමුත් පසුව ඔවුන්ව කිසිදු චෝදනාවකින් තොරව නිදහස් කර තිබුණි.
මෙම සිදුවීමෙන් අනතුරුව එක්සත් රාජධානිය මුහුණ දී ඇති ත්‍රස්ත තර්ජනය “දරුණු” තත්ත්වය දක්වා ඉහළ දමා තිබේ.
පොලීසිය පැවසුවේ ඉමාඩ් අල් ස්වීල්මීන් කෙන්සිංටන් ප්‍රදේශයේ සට්ක්ලිෆ් වීථියේ නිවසක ජීවත් වී ඇති බවත් එම නිවාසය පරීක්ෂා කිරීමට ආරක්ෂක නිලධාරීන් ක්‍රියාකළ බවත්ය.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය