බ්‍රසීල ජාතික ජනප්‍රිය ගායිකා මාරිලියා මෙන්ඩොන්කා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බ්‍රසීලයේ කරටින්ගා නගරයේ සංගීත ප්‍රසංගයකට සහභාගී වීමට යන අතරතුරදී ඇය මෙම අනතුරට මුහුණපා ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කරන්නේ. වයස අවුරුදු දෙකක් වයසැති එක් දරු මවක් වන ඇය මිය යන විට 26 වියේ පසුවුණා. 2019 වසරේ ග්‍රැමී සම්මානයෙන් පිදුම්ලද ඇය නූතන සංගීත ක්ෂේත්‍රයේ ඉමහත් ප්‍රසිද්ධියට පත්වී සිටියා.
ඇය සමග ගමන්ගත් ඇයගේ ඥාතියෙකු, නිෂ්පාදකවරයෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ