වැල්ලවත්ත සුවිසුද්ධාරාම ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ගොඩනැගිල්ලක බ්ලොග් ගල් කිහිපයක් වැටීමෙන් මෝටර් රථයක සිටි රියදුරෙකු රාත්‍රී මෝටර් රථය තුළදීම මිය ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි.
මෙම මෝටර් රථයේ සිටි රියැදුරු වාහනය එම ස්ථානයෙන් හැරවීමට උත්සාහ ගන්නා අවස්ථාවේදී මෙම හදිසි අනතුර සිදුව ඇති බව පැවසෙයි .
දැඩි සුළඟින් අදාල ගොඩනැගිල්ලේ බිත්තියක් පෙරළි ඇති බවත් එහි තිබූ බ්ලොග් ගල් කිහිපයක් මෝටර් රථයට කඩා වැටී ඇති බවට නිරීක්ෂණය වන බවත් පොලිසිය පවසයි.
කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා ඌබර් කුලී රථ සේවයේ රියදුරකු වශයෙන් සේවය කළ අයකු බවද පොලිසිය සඳහන් කරයි .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර ඉදිරි පරීක්ෂණ සිදුවෙමින් පවතින බවද පොලිසිය කියයි .
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති